- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
Windows( ඕනෑම Operating System එකක්( Linux based)) install කරන්න ගියාම ගොඩක් අය ඒකට පාවිච්චි කරන්නෙ DVD එකක්, කොහෙන් හරි ශොප් එකකින් අරගෙන . ඒත් DVD Rom /Writer එකක් නැත්තම් , තියෙන එක කැඩිලා නම් එතකොට කොහොමද windows Install කරන්නේ. , ඒකට ක්‍රමයක් තමා මම අද මේ ලියන්නේ.. හොදයි මේක් මූලික දේවල් දන්නෙ ඇති කෙනෙක්ට පැහැදිලි වෙන්න කිව්වේ.
හරි. මුලින්ම අපිට ඕනෙ වෙනවා , Windows හරි ඕනෙම OS එකක ISO එකක්, ඔයාලට මේ ISO එක internet එකෙන් හරි නැත්තන් කාගෙන් හරි ඉල්ලගන්න , DVD එකකින් ගන්න වුනත් පුලුවන්, මම මෙතන ඔයාලට DVD එකකින් ISO එකක් ගන්න විදිහයි . Internet එකෙන් ගන්න විදිහයි කියන්නම්. මෙතන අනිවාර්යයෙන් අපි මේ ගන්න ISO File එක Bootable ISO එකක් වෙන්න ඕනෙ.. ඔයාDVD එකකින් ISO එකක් ගන්නවා නම් ඒ DVD එකත් Bootable iso එකක් පාවිච්චි කරලා Burn කරපු එකක් වෙන්න ඕනෙ. නැත්තන් හරියන්නෙ නැ. Internet එකේ නම් ගොඩක් වෙලාවට තියෙන OS ISO File bootable ඒවා..
➤ DVD එකකින් ISO File එකක් ගමු..
CasperISOCreator
Download
මේකට ඕනෙ කරන Software එකක් තියෙනවා , ඒකෙන් තමයි අපි DVD එකකින් ISO file එකක් ගන්නේ. මේකට ඔයාලට කැමතිනම් වෙන software එකක් Use කරන්නත් පුලුවන් (උදා :- Power ISO) ඒත් මම මේකට නිර්දේශ කරන්නේ මේ CasperISOCreator_software එක.
මුලින්ම DVD /CD එක Rom එකට දාන්න ,
දැන් CasperISOCreator Software එක run කරන්න . හරි ඒකෙ select CDrom/DVDrom Drive කියන තැන ඔයාගෙ DVD එක පෙන්නයි. එහෙම නැත්තම් Refresh එක Click කරලා බලන්න.
එතනින් DVD එක තේරුවාට පස්සේ යට ඇති Buffer size කියලා එකක් ඒක කියවලා බලන්න. එතනින් ඔයාගෙ Buffer එක Check කරගන්න Auto check buffer Click කරන්න.
දැන් Save ISO click කරලා ISO එකට නමක් දීලා Save කරගන්න.
➤ Internet එකෙන් ISO එකක් ගමු.
internet එකෙන් ඔයාලට ඕනෙ විදිහකට ISO ගන්න පුලුවන්. ඇති වෙන්න Site තියෙනවා. ඒත් මම ඔයාලට 100% විශ්වාස කරන්න පුලුවන් දෙකක් කියන්නම්.
1. GETINTOPC
එකක් තමයි Getintopc එක . මේ Site එකේ OS විතරක් නෙමේ වටින ගොඩක් Software ගන්න පුලුවන් ශුවර් තැනක්.
මේකෙන් සරලව ඕනෙම software එකක් Download කරගන්න පුලුවන්. Pre Activated ISO එහෙමත් තියෙනවා . එතකොට ඔයාලට Activate කරන්න දේකුත් නෑ. (Pirated software පාවිච්චි කරන අයට)
2. ITECHTICS
මේකෙන් Pre activated /Pirated ISO files දෙන්නේ නෑ. කෙලින්ම Microsoft Site එකෙන් දෙන ESD Files /ISO තමා ගන්න පුලුවන්.
භාශා කීපයකින් ගන්න පුලුවන්
Edition කීපයකින් ගන්න පුලුවන්
එහෙනම් ඇයි මේ සයිට් එක , අපිට පුලුවන් නේ MS එකෙන්ම ගන්න. ඒකට හේතුව තමා MS එකෙන් දැන් දෙන්නේ Media creation tool කියලා software එකක් ISO එක Download කරගන්න , Online installer එකක් විදිහට, ඒකෙන් අපිට Direct Download පහසුකමක් නැ , Resume පහසුකම් නැ. IDM එකෙන් ගන්නබෑ , අන්න ඒකයි අපි මේ සයිට් එක පාවිච්චි කරන්නේ. මේකෙන් අපිට ඒ ESD/ISO Direct Links විදිහට ගන්න පුලුවන්. ඒත් ඔයාලට කැමතිනම Media creation Tool එක පාවිච්චි කරන්න පුලුවන්
මේ සයිට් එකෙන් අලුත් Windows version විතරයි සාර්ථකව ගන්න පුලුවන් ,( Windows 10 ) ,පරණ ඒවා ගන්න getintopc එක පාවිච්චි කරන්න.
මේකෙන් දෙන ESD Files අපි ISO වලට හරව ගන්න ඕනෙ ඒකට මම කලින් Post එකක් ලිව්වා ඒක කියවන්න මෙතනින් යන්න..
⟵-------------------------------------------------------------------------------------------------------------------⟶
දැන් බලමු කොහොමද මේ ගත්ත ISO pen එකකින් Boot වෙන විදිහට හදන්නේ කියලා..
ඒකට අපිට ඕනෙ rufus කියන software එක.
මෙතනින් ගිහින් ඒකත් Download කරගන්න.
දැන් මේ rufus software එක open කරගන්න..
pen එක pc එකට plug කරන්න, දැන් rufus එකේ pen එක පෙන්නනවා අති. (පෙන් එක 4GB වලට වඩා වැඩි වෙන්න ඕනෙ මොකද දැන් ගොඩක් ISO files 4GB වලට වඩා වැඩි නිසා.
දැන් select එක click කරලා ඔයාගෙ ISO එක තෝරලා දෙන්න.
දැන් ඔතනින් partition scheme එක අපි තෝරන්න ඕනෙ අපේ HDD එකට ගැලපෙන්න. ඔයාලට Windows install කරන්න අවශ්‍ය HDD එකේ partition style එකයි bios එකේ type එකයි දැනගෙන partition scheme එකයි target system එකයි තෝරගන්න.
Partition Style ගැන වැඩි විස්තරයක් දැන ගන්න මේ ලිපිය කියවන්න
දැන් Start click කරන්න , එතකොට pen එකට files ටික copy වෙන්න පටන් ගනියි.. මතක තියාගන්න , ඔක කරද්දී pen එකේ තිබ්බ ඒවා ඔක්කොම Format වෙනවා. ඒක හින්දා පෙන් එකේ තියෙන ඕනෙ කරන දේවල් අරන් තියාගන්න..
අඩුපාඩු , තියෙනවා නම් කියන්න , තව මොනවහරි දෙයක් දැන ගන්න ඔනෙ නම් කමෙන්ට් කරන්න
about
Basic
Bootable
Download
Download Links
ESD Files
ESD To ISO Convert
IDM
Insternet Download Manager
Internet
ISO
Pen
PenDrive
W10
W7
Windows 10
Windows 7
- Get link
- X
- Other Apps
Comments
Ela
ReplyDeleteThanks machan
Delete