- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
ESD Files ගැන සහ ESD To ISO Convert ගැන
සිංහලෙන්
ESD මොනවද මේ? Electronic Software Download file කියන්නෙ Microsoft download application එකෙන් download වෙන ෆයිල් වර්ගයක්. මේ ෆයිල් Format එක තමා Microsoft එකෙන් සාමාන්‍යෙන් OS එකටයි අනිත් software වලටයි Updates එවන්න පාවිච්චි කරන්නෙ. ESD files encrypt කරලා තමා එවන්නේ , ඒකෙ ඇතුලෙ තියෙන දේවල් බලන්න අපිට නිකම්ම බෑ, අපි ඒක decrypt කරන්න ඕනෙ.
මේ වැඩේ කරගන්න , ඒ කිව්වෙ මේ files decrypt කරන්න convert කරන්න Tools වර්ග ටිකක් තියෙනවා.
මේ වැඩ කරගන්න පුලුවන් Dism (Deployment Image Servicing and Management Tool) කියන command-line tool එකෙන් , ඒකට වඩා දැන් පාවිච්චි කරන්න යන tool එක ලේසියි , මොකද මේක GUI නිසා.
දැන් මේකෙදි අපි පාවිච්චි කරන්න යන්නේ Dism++ කියන Tool එක.
මේ Tool එකෙන් ගොඩක් වැඩ කරගන්න පුලුවන් .
- adding/removing Windows components
- compacting the Operating System
- installing/uninstalling Windows updates
- backup and restore Windows system
ඔයාල command line එකෙන් කරන වැඩම තමා මේ Dism++ tool එකෙන් කෙරෙන්නෙත්. වෙනසක් නැ.
දැන් බලමු ESD files ISO files වලට හරවන්නේ කොහොමද කියලා.
මේක හරි ලේසි වැඩක් .
➧ මුලින්ම මේ File එක Download කරගන්න. Dism++
GD
දැන් ඒ Download උන zip / rar file එක unzip කරගන්න(Extract)
ඔයාලගෙ OS එකේ හැටියට ඔයා x64 නම් Dism++x64.exe එක x86 නම් Dism++x86.exe එක run කරගන්න. ඒවගේම Dism++ ඒකේ User Agreement එක Accept දෙන්න.
දැන් ඔයාලට Dism එක open වෙලා ඇති. ඒකෙ උඩ File Menu එකෙන් ESD --> ISO ගන්න.
දැන් මේවගේ එකක් එයි files තෝරලා දෙන්න වගේම , File save වෙන තැන තෝරලා දෙන්න. දැන් ඉතින් බලන් ඉන්නෙ නැතුව Finish දෙන්න. මතක ඇතුව please enter the path of source file here කියන තැනට .ESD file එකක්ම දෙන්න.
මේකට වෙලා යනවා. ඉතින් පස්සේ Complete උනාම ඔයාල Save කරපු තැන ඔයාලට බලා ගන්න පුලුවන් .ISO file එක හැදිලා තියෙනවා. ඒක සමහරවිට .EDS file එකට වඩා size එක වැඩි ඇති එකෙ අවුලක් නැ එහෙම තමයි. දැන් ඔයාලට පුලුවන් .ISO එක Mount කරන්න DVD එහෙකට Burn කරන්න pen එහෙකට Boot වෙන්න දාගන්නත් පුලුවන්.
හොදයි පොස්‍ටුව ඉවරයි. ඉතින් මේක මොකටද කියලා බලනව ඇති. මේක ඉස්සරහට ගේන්න ඉන්න පොස්‍ටු සදහා වැදගත් වෙන හින්දා තමයි කලින්ම ගෙනාවෙ.
කලින් කියනව වගේ . අවුලක් තියෙනව නම් Comment කරන්න.
Comments
Post a Comment