- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
ඔන්න අද ගේන්න යන්නෙ Repack install කරද්දි එන errors හදාගන්න විදිහ ගැන..
ක් install කරන්න කලින් පොඩි වැඩ ටිකක් කරන්න ඕනෙ.. Repack ගැන සරල අදහසක් දැනගන්න මේ ලිපිය කියවන්න.
ක් install කරන්න කලින් පොඩි වැඩ ටිකක් කරන්න ඕනෙ.. Repack ගැන සරල අදහසක් දැනගන්න මේ ලිපිය කියවන්න.
1. Disable Antivirus
pc එකේ antivirus software මොනවහරි Avg , Avast වගේ ඒවා
run වෙනවා නම් ඒවා repack install කරද්දි තාවකාලිකව නවත්තන්න ඕනේ.. Windows Defender එකත් off කරන්න ඕනේ..
ඕනෙම Antivirus Software එකක Realtime Protection එක නවත්තලා දාන්න.. මේවා Disable කරන්නේ repack install කරද්දි repack එක antivirus එකෙන් block කරන නිසා .
run වෙනවා නම් ඒවා repack install කරද්දි තාවකාලිකව නවත්තන්න ඕනේ.. Windows Defender එකත් off කරන්න ඕනේ..
ඕනෙම Antivirus Software එකක Realtime Protection එක නවත්තලා දාන්න.. මේවා Disable කරන්නේ repack install කරද්දි repack එක antivirus එකෙන් block කරන නිසා .
2. User Access Control
මේක නවත්වන්න මේ පියවර අනුගමනය කරන්න..
Start එකට ගිහින් search කරන්න User Account Control Settings කියලා , දැන් Control pannel Window එකේ ඒක හොයලා දෙනවා , ඒක click කරන්න.
Windows 7/8 දෙකේම ඔය විදිහට හොයලා ගන්න පුලුවන්.
දැන් uac settings වල always notify සහ never notify එක අතරෙ තියෙන slide එක never notify එකට දාන්න.. පහලටම කරන්න. දැන් OK දෙන්න. දැන් හරි..
Windows 10 වලත් Taskbar එකේ search field එකේ හරි Start එකේ Search එකේ හරි Uac කියල Search කරන්න
දැන් කලින් විදිහටම uac setting never notify දෙන්න.. දැන් restart කරන්න.
3. Virtual Memory - Pagefile (Fitgirl Recommended Settings )
මොකක්ද මේ Virtual Memory කියන්නෙ. ඕනෙම Application එකක් windows වල run කරද්දි ඉල්ලනවා os manager එකෙන් ram කේ ඉඩ ප්‍රමාණයක් , එතකොට ram එකේ free ram space එකේ ඉඩ ඇති නම් application එක ඒටික ගන්නවා. ඉඩ ප්‍රමාණය ප්‍රමාණවත් නැත්තන් Virtual Memory එකෙන් ඉඩ ලබාදෙනවා . මේක බොරු ram ඉඩක් application එකට අරන් දෙනවා. ඉතින් මේක වැදගත් දෙයක්.. හැබැයි මේකෙන් ඔයාගේ HDD Disk එක ටිකක් Slow වෙනවා.
Virtual Memory වෙනස් කරන පියවර
මුලින්ම System Properties යන්න
ඒකෙන් වම් පැත්තෙ තියෙන Advanced System Settings යන්න.
ඒකෙන් Advanced tab එකේ Performance එකේ Setting යන්න
Performance Options වල Virtual Memory කියන එකෙන් Change එක ගන්න.
ඒකෙන් Automatically manage paging file size for all drives කියන එකෙන් ටික් එක අයින් කරලා Custom Size දාන්න .
දැන් initial size , maximum size දෙක පහල තියෙන විදිහට දාන්න. ඔයාලට C එකේ එච්චර ඉඩ නැත්තන් වෙන ඉඩ තියෙන Disk එකක් තෝරගන්න පුලුවන් උඩ Disk වලින්.
- ඔයාගෙ තියෙන්නෙ 4GB Ram එකක් නම් Virtual Memory එක 8GB වලට හදන්න.
- තියෙන්නෙ 8GB Ram එකක් නම් Virtual Memory එක 16GB වලට හදන්න.
- තියෙන්නෙ 16GB Ram එකක් නම් Virtual Memory එක 16GB වලට හදන්න.
- ඔයාලට තියෙන්නෙ 32GB Ram එකක් නම් Virtual Memory එක 8GB වලට හදන්න.
initial size එකයි Maximum size දෙකම එකම අගය දෙන්න.
System Management Size එකට හදන්න එපා ඒක slow වෙනවා.
4. Game Install කරන Drive එකේ ඉඩ
අනිවාර්යයෙන්ම Game එක Install කරන්න හදන Disk එකේ /Drive එකේ / Partition එකේ Game එක install කරන්න අවශ්‍ය කරන ඉඩ ප්‍රමාණය අනිවාර්යයෙන් තියෙනවා කියල තහවුරු කරගන්න ඕනෙ. සමහර Repack Game එක එකේ Size එකට වඩා ඉඩ ප්‍රමාණයක් install වෙනකොට ඉල්ලනවා. මේක වෙන්නෙ temp files නිසා. srep , arc වලට. ඉතින් අනිවාර්යයෙන්ම repack release information එක කියවන්න. ඒකෙ repack එක install වෙන වෙලාවේ කොච්චර ඉඩ ප්‍රමාණයක් ඕනෙද කියලා සහ ගේම් එක install උනාට පස්සෙ ඉඩ ප්‍රමාණය දාල තියෙනවා ..
ඒවගේම Game එකේ Setup files ටික තියෙන Drive එක සහ Install වෙන Drive එක නිදහසේ තියෙන්න ඕනෙ. Game එකක් install කරද්දි වෙන මුකුත්ම ලොකු වැඩ pc එකට දෙන්න එපා.
install කරන ගේම්ස් C Drive එකටම Install කරන්න එපා. වෙන Disk එකකට Install කරන්න.
5. Short Folder Names
ගේම් එකේ Setup files ටික සහ Install වෙන Folder එක කෙටි නමකින් සමන්විත වෙන්න ඕනෙ. විරාම ලක්ෂණ , අමුතු අකුරු , සිම්බල් වර්ග දාන්න එපා. පුලුවන් තරම් කෙටි නමක් දෙන්න. උදාහරණ ක් ගත්තොත් Gta V එක.
setup file ටික
E:/GTA V Setup
install FILE එක
D:/GTA V
D:/GTA V
වගේ..
මේක විශේෂයෙන් වැදගත් වෙන්නෙ ztool කියන repack tool එක පාවිච්චි කරල repack කරන games වලට.
6. unarc.dll - isdone.dll
මේකෙදි ඔයාල windows/system32 , windows/syswow64 folder දෙක ඇතුලෙ unarc.dl සහ isdone.dll කියන files තියෙනවා නම් ඒවා delete කරන්න ඕනෙ.
ගොඩක් අය repack එක error එකක් ආවහම isdone.dll , unarc.dll files දෙක internet එකෙන් අරන් ඔය folder දෙකට දානවා.. උඩ සහ මේකෙන් පහල මම කියපු හැම පියවරක්ම හරියට කලා නම් ඕක අවශ්‍ය වෙන්නෙ නෑ. ඔය files දෙක setup එකටම දෙනවා ඒකට ගැලපෙනම file දෙක. ඉතින් අමුතුවෙන් ආයෙ ඒවා දාන්න ඕනෙ නෑ..
7. Compatibility Mode and Administrator
Repack Setup එක හැමවෙලාවෙම Compatibility Mode එකෙන් Windows 7 Run කරන්න. (Windows 10/8 Users ල විතරයි එහෙම කරන්න ඕනෙ) ඒවගේම setup එක Run This Program as Administrator එකට ටික් එකක් දාල තියන්න.
8.Full Control
Setup Right Click කරලා properties ගිහින් Security Tab එකට ගිහින් ඒකෙ Authenticated user එක Edit කරලා Full Control එකට ටික් එකක් දාන්න.
9. Clear Temp , Clean Register
මේකෙ temp එක clean කරගන්න එක නම් අපිටම කරන්න පුලුවන් . Windows + R ඔබලා Run Box එක අරගෙන ඒකෙ %TEMP% කියලා type කරලා Enter ඔබන්න. එතකොට Folder එකක් Open වෙයි. ඒකෙ ඔක්කොම Delete කරන්න. Delete කරන්න බැරි ඒවා skip කරන්න.
ඕක ලේසියෙන්ම කරන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා . ඒ Ccleaner Software එක Use කරලා. Ccleaner එකෙන් අපිට අපිට Registry cleaner පහසුකමත් දෙනවා. ඒක නිසා ලේසියෙන්ම ඒ වැඩ දෙක කරගන්න පුලුවන් .
10. Visual C++ Runtime Installer
repack install කරන්න කලින් Visual C++ Runtime Installer
ටික තියෙන මේ All in One Pack (V56) එක install කරන්න ඕනෙ. ඔයා කලින් මේක install කරල තියෙනවනම් ඕනෙ නෑ. ඒත් වැඩි විශ්වාසෙට මේක install කරන්න. (නැත්තන් Microsoft එකෙන් වෙන වෙනම ඕනෙ කරන Pkg ටික අරන් install කරන්න. ඊට වඩා නම් අර All IN ONE PACK එක ලේසියි.)
නිතර එන Errors කිහිපයකට විසදුම්.
1. It is not found any file specified for ISArcExtract
මේකනම් ගොඩක් අයට එන Error එකක්. මේක එන්න හේතු කීපයක් තියෙනවා. මම මේ හේතු කියන්නේ ඒව තියෙනවද බලලා හදාගන්න.
- සමහර Game Files Damaged වෙලා තියෙනවා නම් .. සමහර Bin files සම්පූර්නයෙන් Download වෙලා නැත්තම්..
ඔයා ගේම් එක Download කලේ Torrent නම් මේක වෙන්න ඉඩතියෙනවා, (Direct උනත් වෙන්න පුලුවන්.) ඒකට කරන්න තියෙන්නේ ආයිත් Torrent Rehash කරන එක..
- Game එකට ඕනෙ කරන ඔක්කොම Files Download කරලා නැත්තන්.. උදාහරණයක් ගත්තොත් ඔයාට ඕනෙ මොකක් හරි ගේම් එකක් English Language වලින් Install කරන්න ඒත් ඔයා setup-fitgirl-selective-english.bin එක Download කරලා නෑ. අන්න එතකොට Setup එකට අවශ්‍ය කරන File එක හොයාගන්න බැරුව ඔය Error එක එන්න පුලුවන්.
- ඒවගේම install කරන setup files ටික තියෙන්නේ "“C:\Users\ВАСЯ-ПУПКИН\Downloads\__[rutor.is]_Super Fitgirl Repack [FitGirl Repack]\" වගේ තැනක නම් /(මෙතන Windows User name එක විදිහට ඔයාල දෙන නම English අකුරු විතරක් පාවිච්චි කරලා දීලා තියෙන්න ඕනෙ නැත්තන් ඔය අවුල එනවා.) Setup එකට අවශ්‍ය කරන Files හොයාගන්න බැරි වෙනවා. එහෙම වෙන්නේ Setup එකට File name කියවගන්න බැරි උනාම. ඉතින් මේක හදාගන්න ඔයාලට තියෙන්නේ User නේම් එක වෙනස් කරන එක සහ මම 5. දී කියලා තියෙන එක කරන ඒකයි.
- ඔයා කලින් කියපු ( 2 සහ 1 දී) කියලා තියෙන දේවල් නොකර ඉදියොත් මේක වෙන්න පුලුවන්, ඒක නිසා UAC Antivirus ටික disable කරන්න ඕනෙ.
2. Unblock setup
AntiVirus Software වලින් Game Setup එක Block වෙලා තියෙන්න පුලුවන්. එහෙම වෙලාවකදී Errors මුකුත් නැතුව setup එක run වෙන්නේ නැතුව යන්න පුලුවන්.
Setup එක unblock කරගන්න මේ විදිහට කරන්න.
Setup right Click කරලා Properties ගිහින් ඒකෙ General tab එකේ යට්ම තියෙන Unblock button එක Click කරන්න.
Unblock Button එක පේන්න නැත්තන් Setup එක දැනටමත් Unblock වෙලා තියෙන්නේ.
ඉතින් ඔච්චර තමා කරන්න තියෙන්නෙ repack එකක් සාර්ථකව install කරගන්න ඕනෙ නම් . ඉතින් මේ post එක වැදගත් උනා කියල හිතනවා . ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ශෙයා කරන්න තව කෙනෙක්ට බලන්න.
Comments
මම gta 5 ghnwa.slow ne.ath pelk welwta game ake පාරවල් එහෙම සුදු පාටට පෙන්ේ..ram,vga madi kiynwa.mokda krna akta.mage lap aka i3 5th gen 4gb ram,2gb vga
ReplyDeleteඔයාගෙ vga එක මොකක්ද ? , මම පොඩි වැඩක් කියන්නම් msi afterburner එක හරි Fraps කියන software එක දාලාfps 30 ට ලොක් කර ගන්න. නැත්තන් gta v setting වලින් vsync half mode එකට දාන්න.
DeleteEuro truck simulater eka install karann be dl file misin kiyala wetenawane
ReplyDeleteerror එකේ Screen Shot එකක් දාන්න.
Deleteනැත්තන් error එක හරියටම කියන්න
DeleteAn error occured while unpacking; Unable to write data to disk!
DeleteUnarc.dll returned an error code-11
ERROR:archive data corrupted (decompression fails)
onna oka wetenne
DeleteIsdone.dll kiyala udinm wetenne
Deleteoya widihata kalama haei yanawa.
DeleteHari yanne na ne eth is done.dll eka
Deleteඅයියේ Antivirus software එක Disable කරන්නේ කොහොමද........👉👉👉PlZzzzź Help
ReplyDeleteමොකක්ද ඔයාගේ antivirus software එක ?
Deletemn oy kiwwa widiyt kra.eth hri ynne ne.gta v.wena pc ekkt dala unpack kral mge pc ekt copy krm hrid
ReplyDeleterepack eke warge mokakda macho. fitgirl da ? , windows eka mokakda ?
Delete