- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
OS එකක් , බොහෝ වෙලාවට windows install කරන්න ගියාම තියෙන දෙයක් තමයි මේ GPT සහ MBR කියන Partition Style දෙක..
නැත්තන් Rufus වගේ Software එකක් පාවිච්චි කරන්න ගියාමත් මේ කතාව එලියට එනවා.
තව අලුත් හාඩ් එකක් ඩේටා දාන්න කලින් Format කරන්න ගියාම Disk manager එක හරහා අපිට HDD එකේ Partition style එක තෝරගන්න වෙනවා.
ගොඩක් අය අලුත් HDD එකක් අරං Partition Style එක තෝරන්න ආවම නිකම්ම next කරලා දානවා කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව , ඒත් මේ දෙක අතර වෙනස් කම් තියෙනවා
වාසි සහ අවාසි තියෙනවා, සමහරවිට ඔයාගෙ Bios සහ HDD Disk එකට මේ තෝරගත්ත එක නොගැලපෙන්නත් පුලුවන් , ඒක නිසා මේ ගැන පොඩ්ඩක් දැනුවත් වෙන එක වටිනවා.
MBR -(Master Boot Record) සහ GPT-(GUID- (Globally Unique Identifier)) කියන්නෙ
Partition වල තොරතුරු තියාගන්න ක්‍රම දෙකක්.
මේ Partition තොරතුරු වල අඩංගු වෙනවා එක් එක් partition එක පටංගන්න සහ ඉවර වෙන තැන්.
ඒ වගේම මොන partition එකද boot වෙන්න ඕනෙ කරන දේවල් අඩංගු වෙලා තියෙන්නෙ , windows තියෙන්නෙ වගේ දේවලුත් මේ තොරතුරු වල තියෙනවා.
MBR ගොඩක්ම පාවිච්චි වෙන ක්‍රමය ඒ වගේම තමයි පරණයි..
GPT ක්‍රමය අලුතෙන් UEFI කරමය එක්ක හදුන්වලා දුන්න ක්‍රමය..
අපි දැන් වේනම මේ ගැන බලමු.
MBR Disks
MBR - Master Boot Record හදුනවලා දීලා තියෙන්නේ 1983 දී IBM Pc Dos 2.0 ත් සමග.
මේකට Master Boot Record කියන නම ඇවිල්ලා තියෙන්නේ මොකද Drive එකේ මුලම විශේෂ Sector එකක් තියෙන නිසා.
ඒ sector එකේ අඩංගු වෙනවා install කරලා තියෙන OS එකේ Boot loader එක සහ disk එකේ තියෙන logical partition පිලිබද තොරතුරු.
Linux install කරලා තියෙනවා නම් GRUB boot loader එක මේ sector එකේ , MBR එකේ අඩංගු වෙනවා.
මේ Boot Loader එක කියන්නෙ කොයි partition වලද , එකේද OS install කරලාතියෙන්නෙ බලලා ඒ OS Install කරලා තියෙන partition එකේ අඩංගු ඒ ඒ OS එක boot වෙන්න ඕනෙ Bootloader එක load කරන code එකක්..
මොකක් හරි හේතුවකට MBR එක තියෙන Sector එක damage උනොත් නැත්තන් ඒක උඩින් වෙන මොනව හරි ඩේට එකක් write උනොත් windows boot වෙන එක නතර වෙනවා.
MBR ක්‍රමයට partition style කරන්න පුලුවන් 2TB දක්වා Disk වලට විතරයි. ඊට වැඩි ඒවා බැහැ.
ඒ වගේම MBR වලට උපරිම පුලුවන් Primary Partition ගාන 4 යි. ඊට වැඩිය බැහැ. ඊට වැඩිය partition කැඩුවොත් Primary Extended වෙලා Logical partitions තමා හැදෙන්නෙ.
GPT - GUID- (Globally Unique Identifier)
MBR වෙනුවට UEFI BIOS එක්ක හදුන්වල දීපු අලුත්ම ක්‍රමය තමයි මේක..
මේකට GUID කියන්න හේතුව තමයි මේ ක්‍රමයට හදන හැම partition එකකට පට්ට දිග string එකකින් Random හැදුනු අනන්‍ය ID එකක් තියෙනවා..
මේ කරමයේදී MBR වලදී වගේ limit නෑ..
Drive Size එක Unlimited.. OS එකටයි File System එකටයි පුලුවන් තරමක් මේකටත් පුලුවන්..
ඇත්තටම limit එකක් තියෙනවා.. 9.44 ZB පමණ limit එකක්..
ඒ වගේම partition වලටත් Nearly Unlimited හැකියාවක් තියෙනවා.. ඒත් කොහොමත් Partition ගොඩක් හදන්නෙත් නෑ නෙ..
ඒත් දැන් තියෙන os වලින් Partition ප්‍රමානය limit කරනවා. Windows වලින් partition 128 කට limit කරලා තියෙන්නෙ..
MBR වලදී වගේ නෙමේ මේකෙදී එක තැනක boot වෙන්න ඕනෙ කරන තොරතුරු තියාගෙන ඉන්නෙ නෑ..
GPT වලට තැන් කීපයකම backup දාගෙන ඉන්නෙ.. මොකක් හරි හේතුවකින් boot data වලට damage එකක් උනොත් backup එකකින් data restore කරගන්නවා..
ඒක නිසා කරදර අඩුයි.. MBR වල ඒ පහසු කම නෑ..
දැන් බලමු අපේ Partition Style කරමය බලාගන්න විදිහ...
පලවෙනි ක්‍රමය - Disk Management Tool
1 . This PC right Click කරලා Manage වලට යන්න (Administrator Account එකකින් ඉන්න ඔනෙ)
2. ඒකෙන් Storage යටතෙ තියෙන Disk Management වලට යන්න.
3 . එතන ඔයා දැනට pc එකට connect කරලා තියෙන සියලුම disk ටික පෙන්නනවා.. ඒකෙන් ඕනෙ කරන disk එක right click කරලා Properties යන්න
4. එතකොට එන window එකෙන් volumes කියන tab එකට ගියාම Disk Information වල partition Style කියන එක හොයාගන පුලුවන්..
දෙවනි ක්‍රමය - Diskpart command Line
1. Start menu එකට ගිහින් "diskpart" කියල type කරන්න.. එතනින් එන diskpart.exe එක right click කරලා run as administrator වලින් admin run කරන්න
2. list disk කියල type කරලා enter දෙන්න.. දැන් ඔක්කොම disk වල list එකක් එයි.. ඒ ලිස්ට් එකේ gpt කියන තැන තරු ලකුනක් තියෙනවා නම් disk එක gpt එහෙම නැත්තම් MBR
හරි එහෙනම් . මොනව හරි වැදගත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා හිතෙනවා. අඩුපාඩු ප්‍රශ්න , වැරදි තැන් තියෙනවා නම් අනිවාර්යයෙන් කමෙන්ට් එකක් දාල කියන්න..
මොකද හැමෝම සර්වසම්පූර්ණ නැහැනෙ.. කමෙන්ට් දාන්න google + account එකක් ඕනෙ නැහැ..
10 Vs 7
about
Basic
Download Links
ESD To ISO Convert
PC
Pen
PenDrive
S.M.A.R.T
SMART තාක්ෂණය
සින්හලෙන්
- Get link
- X
- Other Apps
Comments
supiri article bn blog eka ela.
ReplyDeleteThanks machan feedback ekata.
Delete