- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
ඔයාල දන්නව ඇති windows 10 වලට අවුරුද්දකට මූලිකවම updates දෙකක් එනවා , 1809 ට පස්සෙ ඊලගට එන update එක වෙන්නෙ 1903 update එක.
මේකෙනුත් කලින් ඒවා වගේම අලුත් features සහ performance වැඩිවීම් තියෙනවා .
මේ update එක ලොකු update එකක් නෙමේ කියලා තමා කියන්නේ , මේකෙන් අපිට අලුත් features ටිකක් දෙනවා Security, design වලට සහ තව දේවල් ටිකක් ඇතුලුව.
මේ ලිපියෙන් අපි බලමු මේ feature updates වලින් කීපයක් ගැන..
Features
1. Light theme
2. Reserved storage
3. Windows Sandbox
4. Recommended troubleshooting
5. Automatic active hours
6. Pause Windows Update
7. Quick access to symbols
8. Windows Search
9. Mouse customization
10. Brightness control
2. Reserved storage
3. Windows Sandbox
4. Recommended troubleshooting
5. Automatic active hours
6. Pause Windows Update
7. Quick access to symbols
8. Windows Search
9. Mouse customization
10. Brightness control
11.Game bar
12.Uninstall even more inbox apps
Light Theme
1903 දැන් ඔයාලට light colours වලින් interface , task bar , start menu , action center වගේ දේවල් ලස්සන කරගන්න පුලුවන් .
1809 දී dark theme එක වගේ මේකෙදි light colours වලින් light theme එක තියෙනවා .
1809 දී dark theme එක වගේ මේකෙදි light colours වලින් light theme එක තියෙනවා .
මේක settings වලින් enable කරගන්න පුලුවන් .
Reserved storage
මේක අලුත්ම feature එකක් , මේකෙන් windows partition එකේ තියෙන free space වලින් ටිකක් වෙන් කරගන්නවා windows වල තාවකාලික වැඩ සදහා , එතකොට ප්‍රශ්නයක් නැතුව updates වලට ඉඩ දෙන්න පුලුවන් .
7GB ඉඩක් දක්වා මේකට ගන්නවා updates, temporary files, system cache, සහ apps වල වැඩ වලට. එතකොට අලුත් update එකක් ආවම මේ reserved space එකේ තියෙන ෆයිල් ඔක්කොම auto ම ඩිලීට් කරලා updates වෙනුවෙන් ඉඩ හදාගන්නවා..
මේක windows clean install එකකින් පස්සෙ enable වෙනවා..
Windows Sandbox
ඔයාල දන්නව ඇති Sandboxie කියන software එක ගැන , නැත්තන් virtual machines ගැන. Rdp ගැන.. මේ ඔක්කොම අතත්‍ය pc එකක් pc එකක් තුල හදනවා.. sandboxie කියන software එක ගන්නෙ ශුවර් නැති software සහ files චෙක් කරගන්න. Sandboxie කියන software එකෙන් අතත්‍ය පරිසයක් නිර්මාණය කරලා ඒක තුල අපිට ශුවර් නැති සොෆ්ට්වයා run කරලා බලන්න පුලුවන් පහසුකම් දෙනවා .
මේ windows sandbox කියන්නෙත් ඒ වගේම දෙයක් , හරියට sandboxie , virtual pc එකක් වගේ.. මේක හදන්න hardware virtualization සහ Microsoft Hypervisor technology තාක්ෂණික ක්‍රම දෙක පාවිච්චි කරනවා.
ඉතින් දැන් අපිට thirdparty software , හරියට
Sandboxie වගේ එකක් ඕනෙ නෑ. Wimdows එකටම හම්බෙනවා.
ඉතින් දැන් අපිට thirdparty software , හරියට
Sandboxie වගේ එකක් ඕනෙ නෑ. Wimdows එකටම හම්බෙනවා.
තව දෙයක් මේක Pro version එකට විතරයි ලැබෙන්නෙ..
Recommended troubleshooting
අලුත් troubleshooting එකක් තියෙනවා , පරණ එක වගේ නෙමෙයි ගොඩක් ප්‍රශ්න වලට auto ම fix එකක් දෙයි..
මේක disable වත් enable වත් කරන්න බෑ , ඒක තනිකරම system දෙයක්..
Automatic active hours
Automatic අපි වැඩ කරන වෙලාවල් මොනවද කියලා බලලා , ඒ වෙලාවල් වල pc එක updates install කරන්න reboot කරන්න ගන්නෙ නෑ .
Pause Windows Update
වටිනම එකක්.. අපිට updates තාවකාලිකව නවත්තන්න පුලුවන් , ඩේටා තියෙන වෙලාවක් බලලා update වෙන්න දාන්න පුලුවන් .
1903 දී මේක home users ලටත් දෙනවා.
Quick access to symbols
තවත් පට්ටම එකක්.. windows වල imoji, Symbols ගන්න විදින දුක.. alt එක ඔබන් numeric key pad එකෙන් කොටනවා. ආස symbols වල අංක මතක තියා ගන්නවා , එක්කො online search කරනවා.. මේ අප්ඩේට් එකෙන් ඒ රෙද්දවල් කරන්න ඕනෙ නෑ. අපිට symbols වෙනම panel එකක් විදිහට අරගන්න පුලුවන් , ඒකෙ අපිට symbols විදිහට emoji , punctuation, currency, geometric, math, Latin, language symbols පවා තියෙනවා .. අපි වැඩිපුරම පාවිච්චි කරන symbols වෙනම recently used tab එකකට එනවා ..
panel එක ගන්න windows key + ; ඔබන්න..
Mouse customization
හ්ම්. මේ update එකෙන් අපිට කැමති පාටක් , සයිස් එකක් මවුස් පොයින්ටර් එකට දාගන්න පුලුවන් ..
Brightness control
Display brightness එක අඩු වැඩි කරන්න slider එකක් දැන් action center එකට දාල තියෙනවා.
Game bar
දැන් ගේම් එකෙන් quite වෙන්නෙ නැතුවම screenshot gallery එක බලන්න පුලුවන් ..
Uninstall even more inbox apps
දැන් තව system apps uninstall කරන්න පුලුවන් පහසුකම් දීලා තියෙනවා ..
- Microsoft Solitaire Collection.
- My Office.
- OneNote.
- Print 3D.
- Skype.
- Tips.
- Weather.
- 3D Viewer.
- Calculator.
- Calendar.
- Groove Music.
- Mail.
- Movies & TV.
- Paint 3D.
- Snip & Sketch.
- Sticky Notes.
- Voice Recorder
ඉතින් තව සෑහෙන්න දේවල් වෙනස් වෙලා තියෙනවා . මේ කිව්වෙ ටිකක් දේවල් විතරයි . මැයි අන්තිම වෙද්දි public කරයි අන්තිම build එක.. දැනට Windows 10 build 18362.30 එක Release Preview ring එකෙන් දීලා තියෙනවා .. preview build එකක් විදිහට..
තව මොනවහරි දැන ගන්න ඕනෙ නම් , ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න ..
- Get link
- X
- Other Apps
Comments
හොඳ ලිපියක්
ReplyDeleteබොහොම ස්තූතියි .
Deleteft
ReplyDeletethama realese wela ndda
ReplyDeleteනැහැ මචන්.. තව පොඩ්ඩ දවසකින් එනවා.. බ්ලොග් එකත් එක්ක ඉන්න මම ඩවුන්ලෝඩ් ලින්ක් දෙන්නම්.
Deletegood
ReplyDelete