The Scene - මොකක්ද මේ scene

                                    The Warez Scene



මොකද්ද මේ warez scene , එහෙමත් නැත්නම් scene කියලා කියන්නේ.
ඔයා games play කරද්දි වැඩියෙන්ම පාවිච්චි කරන්නේ original games ද , නැත්නම් cracked games ද ? . ඔයා ගේම් එකක් original ගන්නවා නම් ලොකු ගානක් වියදම් කරන්න වෙනවා අනිවාර්යෙන්ම .ඒත් ගොඩක් අය පුරුදු වෙලා තියෙන්නෙ computer ෂොප් එකකට ගිහින් කඩේ අයියාගේ ගේම් ඩීවීඩී එකක් අරගෙන ඇවිල්ලා ඉන්ස්ටෝල් කරගන්න . නැත්තං ඉන්ටර්නෙට් එක හරහා ගේම් එකක් download කරගන්න . ඉන්ස්ටෝල් උනාට  පස්සේ folder එක තියෙන crack එක කොපි කරන්න . නැත්නම් නිකම් ඉන්ස්ටෝල් කරලා play කරන්න . කඩේ  ඩීවීඩී එකක් රුපියල් එකසිය පනහයි දෙසීයයි. ඒත් ඒ ගේම් එක ම ඔරිජිනල් ගන්න ගියා නම් කීයක් යයිද . එහෙනම් අනිවාර්යෙන් ම ඔයා ගේම්ස් play කරන එක ඔයිට වැඩිය ගොඩක් අඩු කරනවා . Film එකක් බලන්න ඕනෙ උනොත් ,  Film එකක් ටක්ගාලා yts එකෙන් බාගෙන බලන්න , කඩෙන් ටක්ගාලා DVD එකක් ගෙනල්ලා බලන්න. කවදාවත් හිතුවද කඩේ අයියට කොහොමද ඔය films / software /games 150ට 200ට විකුණන්න එන්නේ කියලා . ඉන්ටර්නෙට් එකට ඔය software  /films/ games free ගන්න එන්නේ කියලා.  අන්න ඒක ගැන තමයි මේ දැනුවත් කිරීමක් කරන්න යන්නේ .
මේ  දේට අපි පොදුවේ නමක් කියනවා . ඒක තමයි warez scene , එහෙමත් නැත්නම් scene . Scene කියන්නේ ,  copyrighted material ඒ කියන්නේ යම් කෙනෙක් ට යම් ආයතනයකට අයිතියක් ඇති දේවල් , හරියට
Music , games , films , applications , සහ අරවා , ඔව් ඔව් අරවත් අපිට free බලන්න පුලුවන් වෙන්න කවුරුහරි channel වලින් ගෙවලා අරගෙන ආයෙ reupload කරනවා.
ඔය කිව්වා වගේ දේවල් බෙදා හදා ගන්න අයට කියන නමක් .  Scene කියන්නේ එක්කෙනෙක් නෙමේ , සෑහෙන කට්ටියක් , එක එක අය එක එක දේවල් කරනවා. සමහරු තමන් ලඟ තියෙන දේවල් බෙදා ගන්නවා . සමහරු ඒවගේ තියෙන security කඩලා ඕනෙ කෙනෙක්ට පාවිච්චි කරන්න පුලුවන් විදිහට  හදනවා (reverse engineers , crackers ) , මේ දේවල් බෙදාහදාගන්නේ මේ community members ලත් එක්ක විතරයි .
Scene එක සාමාන්‍යයෙන් හැංගිලා තියෙන දෙයක් ඒ කියන්නෙ අපි කැමති වෙලාවක කැමති කෙනෙක්ට ගිහිල්ලා මේකෙ තියෙන දේවල් ගන්නවත් මේ කරන දේවල් බලන්න වත් බැහැ . අනික මේක එක සයිට් එකක් වත් සංවිධානයක් වත් නෙමෙයි .
ඒත් මේකෙ ඉන්න අයත් අතින් ඔය දාන content , leak වෙනවා. ඔය community එකේ ඉන්න අය ඕවා කොහොමහරි community එකෙන් එලියට  ගේනවා , ඒවා torrent sites වලට , files hosters ලට upload කරනවා.  , ඔය ගොඩක් ගේම්ස් download කරගන්න තියෙන sites (skidrowreloaded , goodolddownloads - shut down , igg games , ovagames වගේ ) කරන්නේ (admin) මේ community එකේ ඉන්න අය . එයාල ඔය content public කරනවා. මෙයාලට කියනවා couriers කියලා .


---------------------The Scene Rules ----------------------



Scene කියන්නෙ පුද්ගලයෙක් වත් , සයිට් එකක් වත් , සංවිධානයක් වත් නෙමේ කියලා කිව්වා නේ. මෙයාලගෙ පරණ ම සාමජිකයන්/ පරණ ම group සෙට් එක එකතු වෙලා මේ scene එක පවත්වාගෙන යන්න නීති පද්ධතිය ක් හදලා තියෙනවා . එයාලට මේ නීති හදන්න හොද දැනුමක් අවුරුදු ගානක අත්දැකීම් වලින් තියෙනවා . මේවට කියන්නේ scenerules කියලා , ඔයාලට මේ සයිට් එකට ගියොත් latest scene rules බලාගන්න පුලුවන් ,
https://scenerules.org
මේ නීති පද්ධතිය එක එක වර්ගවලට එක එක විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ . උදාහරණයක් විදිහට ගත්තොත් Games වලට games category එකේ S.I.R කියලා වෙනම නීති තියෙනවා . (S.I.R - Standard Iso Rules)
ඒ නිති වලට අනුකූලව තමන්ගේ content එක හැඩගස්වලා තමයි Game එක release  කරන්න ඕනෙ. මේ rules වලට පිටින් ගියොත් , crack වල අවුලක් වගේ ගියොත් ඒකට ඒ ඒ තත්වය මත මාර්ක් එකක් ගහනවා , 'nuked' කියලා .
------------------------------------------------------------------------
Warez Scene මෙහෙම කොටස් කීපයකට බෙදන්න පුලුවන් .

  • Release Groups
  • TopSites
  • IRC Channel
  • NewsGroups
  • Peer to peer


මේකෙ වැදගත්ම කොටස් දෙක තමා Release groups සහ TopSites . ඒ වගේම ඒ දෙක නැත්තන් Scene කියලා එකක් නෑ.

Release Groups ----------------------


මේවගේ වැඩ කරන සාමාජිකයන් එකතු වෙලා කණ්ඩායම් හදාගෙන තියෙනවා . ඒ ඒ group වලට ආවේනික release කරන content තියෙනවා . 

උදා :-  

  • INFLATE  - X264 - Films
  • ENSLAVE - MP3
  • KTR - XXX-0DAY
  • CODEX - Games - 0DAY
  • SiMPLEX - Games
  • FuGLi - XXX-IMGSET
  • PLUTONiUM - TV-SD-X264
  • BTTR - FLAC


සමහර group තියෙනවා , ඒ group වල ඉන්නවා crackers ලා , reverse engineers ලා. මෙයාල තමා group එකට software , games දෙන අයගෙන් ඒවා අරගෙන security අයින් කරන්නේ , නැත්තම් bypass කරන්නේ. (Cracking)
ඒවගේ group ටිකක් ගත්තොත් -

  • Codex    -    (CDX)
  • Conspiracy    -    ( CPY)
  • Plaza (sub group of codex)
  • Steampunks     -   (STP)
  • Reloaded    -    (RLD)
  • Razor1911    -    (RZR)
  • Skidrow
  • SiMPLEX





මේ නම් ඔයාලට හොදට දැකලා හෝ අහලා පුරුදු ඇති. Game එකක් install කලාට පස්සෙ crack එක තියෙන folder එක මේ නම් වලින් තියෙන්න පුලුවන් .
ඉතින් මේ group එකිනෙකා ට කලින් තමන් මොනවා හරි කොලිටි දෙයක් release කරන්න තමයි බලන්නේ. තරගකාරීත්වය උපරිමයි . තරගෙට content release කරන්න තමා බලන්නේ.
බලන්න Codex ලගේ Ascii Art වල. Release nfo වල මෙහෙම තියෙනවා


' Codex is currently looking for nothing but competition '
Skidrow ලගෙ nfo වල.
" Keep in mind we do all this, because we can and because we like the
thrilling excitement of winning over the other competing groups. "


ඇයි මෙයාලා මේ දේවල් කරන්නේ..
ගොඩක් ජනප්‍රිය group නම් කියන්නේ එයාලට මේක කරන්නේ එයාල කැමති හින්දා කියලා , නැත්තන් ඒක ආතල් හින්දා කියලා , ඒ වගේම එයාල මේවා public කරන්නේ නෑ , public කරන්නේ අනිත් අය කියලත් කියනවා. උඩ skidrow nfo එකේ තියෙන එක බලන්න
තව MYTH ලගෙ nfo වල කියලා තියෙන දේවල් .


We do this just for FUN. We are against any profit or commercialisation
of piracy. We do not spread any release, others do that.
In fact, we BUY all our own games with our own hard earned and worked for
efforts. Which is from our own real life non-scene jobs.
As we love game originals. Nothing beats a quality original.
"If you like this game, BUY it. We did!"

TopSites------------------ 



මොකක්ද topsite කියන්නේ ,  TopSites කියන්න දහස් ගානක network speed වලින් සමන්විත , ඉතාම රහසිගත , සෑහෙන storage එකක් තියෙන  FTP servers කියලා සරලව කියන්න පුලුවන් . සාමාන්‍යයෙන් මේ top sites වල speed උපරිමයි , 50-60GBක් තප්පර ගානකින් upload කරලා දාන්න පුලුවන් . ඒවගේමයි download speed එකත්.
Top sites බොහෝවිට තියෙන්නේ පාසැල් වල , විශ්ව විද්‍යාල වල , ආයතන වල.
අර groups release කරන දේවල් මුලින්ම upload කරන්නේ මෙන්න මේ topsites වලට , ඒ ඒ groups වලට අනුබද්ධිත top සයිට් එකකට එයාලගේ content දානවා. ඒවා ගබඩා කරලා තියාගන්න , තව කෙනෙක්ට දෙන්න තියාගන්න මේ TopSites පාවිච්චි කරනවා.


IRC Channels -  Internet Relay Chat --------------------------------


IRC කියන්නේ protocol එකක් අනිත් අයත් එක්ක text මැසේජ් හුවමාරු කරගන්න හදපු. සාමාන්‍යයෙන් මේවා නිර්මාණය කරලා තියෙන්නේ group chat වලට.
මේවා හරහා තමයි සාමාජිකයන් ට ඒ ඒ group වලින් කරපු  releases ගැන දන්වන්නේ ..



NewsGroups - other sites


මේවගෙන් තමයි Release ගැන public කරන්නේ. ඒ අතරේ අලුතෙන් release වෙච්ච දේවල් ගැන දැනුවත් කරන්න NewsGroups තියෙනවා , මේවට තොරතුරු එන්නේ couriers ලා හරහා ඇවිල්ලා තමයි. නැත්තන් වෙන NewsGroups හරහා ඇවිල්ලා.

උදා :- crackwatch , reddit / crackwatch , predb , xrel


Peer to peer ------------------------------



අන්තිමට releases එන්නේ මෙතන්ට.  කලින් කිව්ව couriers ලා  release content leak කලාට පස්සෙ එන එවා ඔක්කොම p2p. අපිටත් පුලුවන් p2p වලට සම්බන්ද වෙන්න , මොකද ඔයාට pc එකක් සහ p2p software එකක් ,සයිට් එකක් පාවිච්චි කරන්න පුලුවන් නම් ඔයාටත් පුලුවන් මේකට සම්බන්ද වෙන්න. torrent client එකක් දාගෙන ඔයා seed කරලා sup එක දෙනවා නම් ඔයත් p2p.
P2P වලින් තමයි අපේ අතට DVD shop , computer shop වලට ඔය release එන්නේ.
releases හොයද්දි අපිට එදිනෙදා ගනුදෙනු කරන්න වෙන බොහොමයක් දේ අයිති වෙන්නේ මේ p2p වලට.
Repackers ලත් , repack - games , release files upload  කරලා තියෙන සයිට්ස් , films encode කරන yts , psa , tigole  වගේ සයිට් සහ පුද්ගලයන් උනත් අයිති වෙන්නේ p2p වලට.
P2P crackers ලත් ඉන්නවා.  baldman , voksi සහ voksi ගේ revolt team එකත් p2p.
Ovagames , piratebay , kickass , rarbg , skidrowreloaded , skidrogames , igg games , gajekompi , yts , mkvcage , cs rin ru , exelab , psarips ,  corepacks , xtab , fitgirlrepack , blackbox , තවත් දහස් ගානක් දේ අයිති වෙන්නේ මේ p2p වලට (සමහර වැල බෙදන සයිට් පවා,  paid Channels නැතුව ) .
Scene වල ඉදන් p2p වලට content ආවෙ නැත්තන් අපිට හුලං . P2P වලින් එහාට මෙහාට share වෙන දේවල් තමයි අපිත් මේ ඇහිද ගන්නේ..
P2P users ලාත් releases කරනවා ඒත් ඒවා Scene වලට සම්බන්දයක් නෑ. P2P releases බලන්න වගේම Scene releases බලන්න හොද සයිට් එකක් තමා xrel කියන්නේ.


----------------Basic History of Warez Scene  -----------------



මේ scene එක මුලින්ම පටන්ගතේ 1970 විතර (based on wikipedia). ඒ කාලෙ crackers ල reverse engineers ල එකතු වෙලා මේක නිර්මාණය කරලා තියෙනවා . මෙයාලා මේක මුලින්ම කරන්න පටන්ගෙන තියෙන්නේ පෞද්ගලික bulletin board systems (BBSes) වල . (TopSites වගේ , ඒ තරම් speed වත් , Size එකකින් වත් යුක්ත නෑ )හරි මම පැහැදිලි කරන්නම් මොකක්ද මේ BBSes එකක් කියන්නේ කියලා.

@ bulletin board systems (BBSes)

Bulletin board system එහෙමත් නැත්තන් bulletin board services කියන්නේ terminal program එකක් හරහා users ලට connect වෙන්න පුලුවන් program පාවිච්චි කරන computer server වර්ගයක්. මේක හරහා පුලුවන් users ලට connect වෙලා messages යවන්න බෙදාගන්න , file යවන්නත් බෙදාගන්නත් පුලුවන් . 70 / 80 වෙදි පාවිච්චි කලේ මේවා. මේවට ප්‍රවේශ වෙන්න ඒ කාලෙ පාවිච්චි කලේ dial-up modem , telnet . ඒ කාලෙ GUI තිබ්බෙ නෑ නෙ. තනිකරම text based.
මුල්ම BBS එක පටන්ගන්නේ Computerized Bulletin Board System (CBBS) කියන නමින්
Ward Christensen සහ Randy Suess දෙන්නා 1978 දි .
හ්ම්ම් . දැන් ආපහු scene වල ඉතිහාසය ට යමු.
කොහොම හරි ඔය BBSes එකකට connect උනාම එයාලට පුලුවන් එයාලගෙ files upload කරන්න download කරන්න. ඒ කාලෙ BBses ලොකු ධාරිතා වලින් තිබුනෙ නෑ , පොඩි MB ගානක් , GB ගානක් තමා තිබුනේ. ඕවට release කරන දේවල් අන්තිමට දැන් විදිහටම ඇවිල්ලා අන්තිමට public වෙන්න ඇති ඒ කාලෙත්.
------------------------------------------------------------------------


දැන් බලමු කොහොමද Games Release  වෙන්නේ කියලා . 
මුලින්ම group එකක ඉන්න සපයන්නෙක් (re sources supply) ගේම් එකක් මිල දී ගෙන අනිත් group members ලත් එක්ක බෙදාගන්නවා topsites , IRC හරහා.  Group එකේ ඉන්න reverse engineer ලා security ගැන (DRM - Denuvo /Steam / uwp / araxan / Secure rom/ valeroa / epic store / uplay / origin ) හොයලා බලලා scene Standards වලට අනුකූලව crack එකක් නිර්මාණය කරනවා. මෙයාලට කැමති කැමති විදිහට crack නිර්මාණය කරන්න බෑ scene rules / standards වලට අනුකූල වෙන්න ඕනෙ. ඒ වගේම crack වල multiplayer එන්නෙ නෑ. මෙයාලගෙ cracks වල errors අඩුයි. ගොඩක් හොදට වැඩ කරන crack නිර්මාණය කරන්නේ Scene group වලින්. ඒ crack එකත් එක්ක files iso විදිහට හදලා scene Standards වලට ගැලපෙන විදිහට release කරනවා.


Release Flags ----

මෙයාලා release කරන්න කලින් කවුරුහරි වෙන group එකක් ඒ ගේම් එකට හොද crack එකක් release කරලා තිබුනොත් මෙයාලා release  කරන එක  duplicate ගනයට දානවා.
(මේ හින්දා තමා තරගකාරීත්වය වැඩිවෙන්නේ )
කලින් කවුරුහරි මේ ගේම් එකම release කරලා ඒ crack එකේ අවුලක් තිබුනොත් ඒ release  nuked ගනයට වැටෙනවා. මේ group එකෙන් කරන release එක proper ගනයට වැටෙනවා.

උදා :- DESOLATE -PROPER - PLAZA

Group එකක් ගේම් එකකට crack එකක් release කරලා ඒක nuked වුනාට පස්සෙ , කවුරුත්  proper crack එකක් release කරන්න කලින් ඒකට ආයෙමත් proper crack එකක් එයාලටම නිකුත් කරන්න පුලුවන් , එතකොට  proper හෝ crackfix ගනයට වැටෙනවා.


Assassins.Creed.Origins.The.Curse.of.the.Pharaohs.Crackfix-CODEX


Group එකකින් ගේම් එකක මොනවා හරි encode or compress කරනවා නම් ඒක .REPACK ගනයට දානවා

Dex.Enhanced.Edition.v7.0.REPACK-PLAZA
කොහොමෙන් කොහොම හරි ඔන්න release  උනා , දැන් couriers  ලා මේක leak කරනවා. එතකොට මේක එනවා NewsGroups වලට , අර leak එකෙන්ම මේක p2p වලට ලගාවෙලා  torrent sites වලටයි , file hosters ලටයි upload වෙලා , අපිටත් reddit වගේ එකකින් වැඩේ ගැන අහන්න ලැබිලා ඔන්න බාන්න ගන්නවා. අපිවගේම බාලා compress කරලා repackers ලා prepack හදලා upload කරනවා.

මේ ඔක්කොම වෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ , පැය බාගෙන් වැඩේ ඉවරයි. Repack හදන්න විතරයි වෙලා යන්නේ.
පොස්ට් එක පොඩ්ඩක් අච්චාරු වගේ ඇති. මොකද පටන් ගනිද්දි තිබ්බ ගැම්ම අන්තිම වෙද්දි චොර උනා මේක type කරන්න ගියාම.
තව පස්සෙ වෙලාවක p2p crackers ලා ගැනයි ඒ දෙක සන්සන්දනය කරලා වෙනස් කම් එක්ක පොස්ට් එකක් ගේන්නම්..

Comments