Google Drive Limit Bypass කරමු (quota exceeded)





මේ පොස්ට් එකෙන් කියල දෙන්න යන්නෙ ඔයාලට Downloading වලදි වැදගත්වන දෙයක්. අපි මොනව හරි Download කරන්න ගියාම අපිට දකින්න පුලුවන් අපිට Download කරන්න ඕනෙ සමහර files Google Drive එකට upload කරලා තියෙනවා. උදාහරණයක් විදිහට හිතන්න මොකක් හරි ගේම් එකක් කියලා .  ඒ අතරින් සමහර files අපිට සාමාන්‍ය ආකාරයට Download කරගන්න පුලුවන්. ඒත් සමහර Files download කරගන්න ගියාම ඔයාලට quota exceeded විදිහට Massage එකක් එනව. මේ රූපෙ බලන්න. 


ඉතින් මෙහෙම වෙන්නෙ සෑහෙන ප්‍රමාණයක් අය ඒ file එක Download කරලා හෝ කරන්න හදලා තියෙන නිසා . මෙහෙම උනාම අපිට පැය විසිහතරකට පස්සෙ ආයෙත් Download කරන්න පුලුවන්. ඒත් එහෙම ඉන්න බැරිනම් මේක bypass කරලා පොඩි trick එකකින් Download කරන්න පුලුවන්. 

මුලින්ම මේක කරන්න ඔයාලට Google Account එකක් තියෙන්න ඕනෙ. ඒකියන්නේ Gamil එකක් තියෙනවා නම් හරි. එහෙම නැත්තන් එකක් හදාගන්න.  (Gamil එකේ එකක් නැති වෙන්න බෑ සාමාන්‍යයෙන්) ඉතින් ඔයාලගෙ gmail account එකට log in වෙන්න. දැන් ඔයාට Google services පාවිච්චි කරන්න පුලුවන්. Youtube, Google Drive , Blogger , තව ගොඩාක් එව්වා තියෙනවා. මේකෙන් දැන් අපිට ඕනෙ Google Drive එකට යන්න.


දැන් ඔයාලා Download කරන්න ඕනෙ file එක තියෙන Link එකට යන්න ඒක කෙලින්ම open එකට , preview එක එනවනම් ප්‍රශ්නයක් නෑ , මේ පහල වගේ , 




එහෙම නැත්තන් ඔයාල address bar එකේ තියෙන link එකේ පොඩි වෙනස් කමක් කරන්න ඕනෙ. 

මේ රූපෙ තියෙන විදිහට uc එක open විදිහට වෙනස් කරන්න. දැන් preview එකට යයි.



මෙතනින් ඔයාලා දකුණේ උඩ තියෙන add my drive එක click කරලා ඒක ඔයාගෙ Google Drive එකට දාගන්න ඕනෙ. 






දැන් ඔයා කලින් ඔයාගෙ Google Drive එකට ගිය විදිහට ඒකට ගිහිල්ලා ඔයා Add කරපු file එක හොයාගන්න .
දැන් ඒ file එක ඔයාගෙ Drive එකේ පෙන්නුවට ඒක ඇත්තටම ඔයාගෙ Drive එකට තාම ඇවිල්ලා නෑ , ඉතින් අපි ඒක අපේ Drive එකට ගමු. දැන් ඔයා ඒ File එක right click කරලා make a copy දෙන්න ඕනෙ.



 එහෙම දුන්නාම ඒක copy වෙනවා ඔයාගෙ Drive එකට. දැන් හරි. අර file එක Delete කරල දැන් copy කරපු File එක Download කරගන්න.  

දැන් අර Drive limit එක ඉවර වෙනකම් ඉන්න නැතුව ඔයාලට ඕනෙ File එක Download කරගන්න. 








වැදගත්උනා කියලා හිතෙනවනම් share කරන්න. තව දැනගන්න දෙයක් , අඩුපාඩු තියෙනවා නම් Comment එකක් දාන්න.
#SKG

Comments