i3 Budget (Used)Gaming PC -2nd Generation සිංහලෙන්

ඔයාලට මන් කලින් කියල දුන්න core 2 quad budget gaming pc එකක් හදාගන්නෙ කොහොමද කියල...
ඒකෙන් මොනවහරි ඉගෙන ගන්න ඇති කියල හිතෙනව.. ඔයාලට අද කියල දෙන්නෙ i3  gaming pc එකක් හදාගන්න විදිහ.. ( නොදන්නා හා gaming pc එකක් නොමැති අයටයි.. අනිත් අය රෙද්ද උස්සන් ඒමෙන් වලකින්න..����) i3 6th gen or 7th gen එකක් හදනවනම් රුපියල් 80000 ක් වගේ යනව.. ඒත් මේකට එච්චර යන්නෙ නෑ...

මුලින්ම බලමු motherboard එක ගැන. ඔයාලට අඩු වියදමකින් හදා ගන්න ඕනෙ හින්ද ගන්න motherboard එක 1st gen  හෝ 2nd gen and 3rd gen support කරන motherboard එකක් වුනොත් හොදයි ...

1 st gen motherboard ගැන කියනවනම් ඔයාලට gigabyte Ga h55 වගේ motherboard එකක් තමයි ගන්න වෙන්නෙ.. (lga 1156) ඒත් 1 st gen ගන්න එක තේරුමක් නෑ.. ඒකනිසා ගන්නකොට h61 motherboard එකක් ගන්න.. h61 mb එක 2nd and 3 rd gen දෙකම support කරනව(lga 1155 ,, ivy bridge and sandy bridge )
ඔය h61 bord එකක් ගන්නවනම් පොඩි වාසියක් තියෙනව ..
ඒ motherboard වලට 3rd gen processor එකක් ගහනවනම් pci e 3.0 ready වෙනව... එතකොට අලුත් vga card එකක් ගැහුවත් full sup..  ඒක හැම h61 motherboard එකකම නෑ මන් හිතන්නෙ ..
Asus h61 pro
Asus h61 m
Gigabyte ga h61m s2pv වගේ bord වලට තියෙනව ..
ඔයාල 2nd gen processor එකක්නම් ගහන්නෙ pci e 2.0 sup කරනව.
H61 motherboard වලට max memory එක 16GB ..(සමහර 3rd gen motherboard වලට 16GB වලට වඩා support කරනව) ඒකියන්නෙ ඉතින් තව අවුරුදු 5 ක වගේ ගේම්ස් වලට අවුලක් වෙන්න විදිහක් නෑ. (හම්මේ ඉතිම් නේහ්..����)H61 bord වලට max cpu support කරනව i7  (3rd and 2nd gen) වෙනකම්.. ඒකියන්නෙ ඉතින් අඩුවට ගන්න පුලුවන්  gaming වලට හොදම motherboard එක h61 තමා... sata port 4 ක් අඩුම තියෙනව .. (3GBs) h61 motherboard එක rs 4500 ක් තමා වෙන්නෙ ඊට වඩා අඩුත් ඇති සමහර තැන් වල.. processor එක ගැනත් ලොකු දෙයක් නෑ i3 2nd හරි 3rd හරි පොසෙක් ගහන්න.. i3 2100 3.1Ghz එක රුපියල් 7600 ත් 8500 ත් අතර ඇත්තෙ.. i5 එහෙකට යනවනම් පොසාගෙ මිල වෙන්නෙ රුපියල් 13000 ක් වගේ.. (මිල දෝලනය වීමට පුලුවන.����) ..
ඔය bord එකට sup කරන්නෙ ddr3 ram. Ddr3  ram එකක් ගන්න කොට අඩුම bus speed එක 1333 වගේ එකක් ගන්න.. පුලුවන් නම් 1600 bus වගේ වැඩි speed තියෙන එකක් ගන්න.. ddr3 4 gb රැම් දෙකක් ගැහුවත් ගේම්ස් වලට ඇති.. නැත්තන් මුලින් 4gb එකක් ගහල පස්සෙ ටික කාලෙකින් ආයෙ 4gb හරි 8gb හරි ගහන්න.. 4gb ram එකක් රුපියල් 3800 යි..

හරි එහෙනම් දැන් බලමු power supply එක.. කියන්න තියෙන්නෙ අඩුම 500w එකක් ගන්න කියල තමා.. 600 - 650 වගේ නම් ඉතින් හොදටම ඇති... ඒවගේ power supply එකක් ගන්න කියන්නෙ gaming vga card වලට ගොඩක් පවර් ඕනෙ නිසා... තව oc කරනවනම් තවත් ටිකක් වැඩියෙන් power use වෙනව pc එකේ... gaming casing එකක් ගන්නවනම් viper brand එකෙ casing එකක් තියෙනව 1700 - 2500 අතරෙ .. ඔයාල shop වල පොඩ්ඩක් හොයල බලන්න...

Vga card එකක් ගන්නවනම් ( මන් amd ගැන එච්චර දන්නෙ නෑ...) gtx 660 card එක ගන්න.. ඒ card එකට dx 12 support කරනව.. ඉදිරියට එන ගේම්ස් dx 12 හැදුවොත් ගේම low හරි ගහන්න dx 12 support කරන vga card එකක් ගන්න.. එච්චර සල්ලි නැත්තන් gtx460 480 or gtx560 570 වගේ card එකක් ගන්න ඔයාලට රුපියල් 2000 ක් හරි අඩුකරගන්න පුලුවන්නෙ එතකොට.. vram එක ගැන බලනකොට දැන් එන ගේම්ස් වලට අඩුම 2GB වගේ ඇති.. ඒත් 3 - 4GB වගේ තිබ්බනම් ගොඩක් හොදයි .. ඒකට පස්සෙ gtx 1050ti vga card එකක් ගන්න try කරන්න... gtx660 card එක රුපියල් 14000 කට වගේ ගන්න පුලුවන් වෙයි.
Gtx 460 රුපියල් 8500ක් වගේ
Gtx 570 රුපියල් 11000 ක් වගේ..
Gtx 1050ti (brand new) රුපියල් 29000 යි..

Hdd එකක් ගන්නකොට අඩුම 320 වගේ හොදයි .. නැත්තන් 500gb 1tb වගේ තියෙනවනම් ගොඩක් හොදයි.. windows install කරන partition එකට 50 - 60 ක් වගේ ඇති.. ඉතුරු ටිකෙන් තව partition එහෙකට 130gb 150gb වගේ ගන්න  . ඒ partition එක games වලට..ඉතුරු ටික ඔයාලගෙ වැඩ වලට..
1TB HDD එකක් රුපියල් 7500 ක් වගේ වෙන්නෙ ( toshiba).. wd නම් ඊට වඩා ගනන්..
Dvd rom එකක් rs 1800 ක් වගේ වෙන්නෙ..
cpu cooling fan එකක් rs 750 ක් වගේ..
Casing fan එකක් led එක්ක rs 800 k වගේ.
Thermal paste gel එක රුපියල් 100 ක් වගේ..

(සැ.යු මේ මිල ගනන් second hand parts වල මිල ගනන් වේ.. casing එක සහ hdd disk brand new වේ..
සමහර කරුනු අන්තර්ජාලය ඇසුරෙනි..)

ඔයාලට කලින් දීපු පොස්ට් එකත් වැදගත් වෙන්න ඇති.. අඩුපාඩු තියෙනවනම් කියන්න . ප්‍රශ්න තියෙනවනම්  කමෙන්ට් එකක් දාන්න..

ප.ලි :- මෙම ලිපිය PC Gamers DSK , Gaming Group එකෙහි පසුගිය අප්‍රේල් මාසයේ මා විසින් පලකල පොස්ටුවකි.

Comments

  1. Post eke thiyena widihata supiri i3 gaming pc ekak hadanna oya recommend karana parts tika kiyanna puluwanda?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete

Post a Comment