- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
#SKG #Repack_And_Crack
#2017_05_25
ගේම්ස් install කලාට කොහොමද මේ මොකක්ද මේ install වෙන්නෙ කියල දන්නෙ නැත්නම් අද බලමු මොකක්ද මේ Repack games සහ Non repack Games කියන්නෙ කියල..
ගොඩක් කස්ටියගෙ අදහසක් තියෙනව ගේම්ස් වල DVD ගානෙන් ගේම් එක මොකක්ද සහ ගේම් එක වැඩද නැද්ද කියල හොයාගන්න පුලුවන් කියල.. මේ පොස්ට් එක අවසාන වෙනකොට අතෙරෙයි එහෙම කියන්න බැරි බවත් සහ ඒක නිවැරදි වෙන ඒක ශුවර් නැති බවත්..
මේකෙදි කියන්න ඔනෙ කාරනා කීපයක් තියෙනව.
1 .Crack And CRack team ගැන
2. Repack And Repack Team ගැන
මුලින්ම මේ Crack and Crack team ගැන පොඩි අදහසක් ඔලුවට දාගෙන ඉමු..
දැන් මේ ගේම් හදන කස්ටිය ඇයි ඔව හ්දන්නෙ .. ඒගොල්ලන්ට සල්ලි හොයාගන්නනෙ.. ඉතින් මෙයාල හ්දන ගේම්ස් නිකන් ඒ කියන්නෙ අපිට නොමිලේ දෙන්නෙ නෑ.. අපි ඒගොල්ලන් හදන ගේම්ස් සල්ලි දීල මිලදී ගන්න ඕනෙ.
එයාලගෙ සයිට් වල ACCount එකක් හදල ගේම් එක online මිලදීගන්නත් පුලුවන්.. එහෙම Online Games මිලදීගන්න පුලුවන් තැනක් තමයි මේ Steam එක කියන්නෙ. ඒකෙන් මිලදී ගන්න ගන්න ගේම්ස් මිලදී ගන්න කෙනාගෙ Account එකට විතරයි වැඩකරන්නෙ..
තව දෙයක් තමයි මේ ගේම්ස් මිලදීගන්නකොට එයාල දෙන ගේම්ස් වලට ID එකක් තියෙනව... අපිට ගේම්ස් මිලදීගෙන ඒකෙ Key එක විකුනන්න ඵුලුවන් සීන් එකකුත් තියෙනව.. මම Steam එක ගැන හරියටම දන්නෙ නෑ.. මේක ගැන සරල අදහසක් දාගන්න කිව්වෙ..
තව තියෙනව Origin , Uplay වගේ ඔන්ලයින් ගේම්ස් මිලදී ගන්න පුලුවන් තැන්.. ඔය විදිහට Crack හදන ටීම් එකක් ගේම් එක ගන්නව.. එයාල ඊට පස්සෙ ගේම් එකට දාල තියෙන Security එක ගැන හොයල ඒක කඩන එක තමයි කරන්නෙ.. මේක සරල නෑ..
පුදුම සංකීර්ණ වැඩක් ඕක.. දැන් තියෙන අලුත්ම Security ක්‍රමය තමයි Denuvo ... මේක ආවෙ 2014 .. Denuvo Software Solution GmbH කියන Austrian Company එක තමා Develop කරන්නෙ..
මෙයාලගෙ Technology එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කලොත් මෙයාල Security එක දාන්නෙ PC Hardware වලට.. පැය විසි හතරකට සැරයක් Self Re-activiosn එකක් ඒක කරනව Hardware වෙනස් වෙලාද කියල බලන්න..
මුලින්ම Denuvo එක බයිල ගැහුවෙ එයාලගෙ Security එක කඩන්න (crack කරන්න)
warez Group වලට බෑ කියල තමා.. ඒවගේම එයාල කොහොමද ඒගොල්ලන්ගෙ Security එක වැඩ කරන්නෙ කියල පැහැදිලි කලීවත් එලි කලේවත් නෑ.. ඒත් චීනෙ සුපිරිම warez group එක ඒ කිව්වෙ Crack Team එක වෙන අපි කවුරුත් දන්න 3DM ල
කොහොමද denuvo එක වැඩ කරන්නෙ කියල එලි කලා.. ඒත් ඒවගේම Security ගොඩක් තියෙනව.. Ubisoft DRM , Origin DRM protection වගේ ඒව.. කොහොමෙන් කොහොම හරි දැන් ෆට්ටෙටම ගේමට enter වෙලා ඉන්නෙ Conspir4cy කියන ටීම් එක...
ආහා පොඩ්ඩක් ඉන්න ඔයාල දන්නෙ CPY කියන නමින් නේ........
මෙයාල කොහොමහරි අලුත් ගේම්ස් දෙන්න කලින් අපිට hint එකක් දෙනව.. ඒකෙන් හොයාගන්න පුලුවන් මොන ගේම් එකටද ඊලගට Crack දෙන්නෙ කියල.. දැවැන්ත ගේම්ස් ටිකකට Cpy crack දීල තියෙනව.. BattleFeild 1, Just cuase 3, Farcry Primal Mass Effect Andromeada
ඒවගේම Reloaded (RLD) , Codex (CDX) , Razor(RZR) ,Skidrow ,Prophet(ppt) කියන්නෙත් Crack ලොවේ දැවැන්තයො තමා...
කොහොමහරි Denuvo ල Protection අලුත් කරනව.. ඒවට ආයෙ Crack team ready වෙන්න ඕනෙ.. අලුතෙන් ගේම් එකක් ඇවිල්ල මාසයක් යන්න කලින් Crack එනව කියන්නෙ Game හදන අයට කනට ගැහුව වගේ වැඩක්.. එයාලගෙ target කරල තියෙන ආදායම හොයාගන්න බැරි වෙනවනෙ..
ගේම් එකක් ඇවිල්ල මාස් තුනක් යනකම් Protection එක තියාගන්න පුලුවන් උනොත් එයාලට ඇති... කොහොමහරි Crack Team වලට ගේම් එක Crack කරන්න අමාරු කරන එක කරන්න ඕනෙ.. අපි සතුටුවෙන්න හොද නෑ ගේම් එකක් ඇවිල්ල මාසෙකින් දෙකකින් Crack එනවට
මොකද එතකොට Game හදන අයට ගේම් හැදිල්ල එපා වෙන්න පුලුවන්.. ආයෙ උන් ගේම් හැදුවෙ නැත්තම් අපිට හුලං... ඒක හින්දා ගේම් එකක් ඇවිල්ල මාස තුන හතරකින් crack එනවට තමා අපි කැමති වෙන්න ඕනෙ..
දැන් නම් Crack and Crack Team ගැන ඇතිද මන්දා.. ලිපියත් දිග වැඩි වෙනව නැත්තම්..
එහෙනම් අපි බලමු මේ Repack කියන්නෙ මොනවද කියල.. ඒවගේම Repack team ගැනත්..
දැන් ඔය Steam වගේ එකකින් ගේම් Download කරන කොට ඒව Downoad වෙන්නෙ සාමාන්‍ය විදිහට.. ඒකියන්නෙ ගේම් එකේ Files ඒ විදිහටම තමා කිසි වෙනසක් නෑ.. ඒත් Crack හදන අය ගේම් ෆයිල් ටික Compress කරන්නෙ නැතුව .Bin ෆයිල් ඇතුලට දානව ARC File ක්‍රමය පාවිච්චි කරල..
ඒත් ගේම් එකේ සයිස් එක Original Game size එකම තමා.. සයිස් අඩු වීමක් හෝ වැඩි වීමක් වෙලා නෑ.. මේ ෆයිල් ටික අපිට Download කරන්න දෙන්නෙ ISO file එකක් විදිහට.. ආයෙ ටික කාලයක් යනකොට දෙන Updates සහ DLC ටිකත් ඔය විදිහටම දෙනව වෙනම...
ගේම් ෆයිල් ටික වෙනස් කරන්නෙ නැතුව Updatws , dlc ආයෙ වෙනම දෙනව.. ඉතින් මේ විදිහට ගේම් ගන්න කොට Download කරන අයට නම් ගේම් එක 50GB නම් 50GB ම ඩේට කපාගෙන බාන්න වෙනව.. DVD ගන්න අයත් ගේම් එකේ සයිස් එක 50GB නම් ඒ මුලු ප්‍රමානයම DVD වලට ගහල DVD 10 -15 ක් ගන්න වෙනව..
මේක කරදරයි.. ඒක හින්දා අපිට Repack වල පිහිට පතන්න පුලුවන්..
Repack නිරිමානය වෙන්නෙ Crack Team එකකින් දෙන game එක සහ Crack එක මත... Repack හදන අය සාමාන්‍ය ආකාරයට ගේම් එක Install කරල Crack එක දාල Updates දාල DLC දාල ඒ ගේම් එක ආයෙ ARC , Srep , PreCompressor වගේ Software බවිතා කරල Compress කරනව... මේ විදිහට game Compress කරද්දී මෙයාල Multiplayer තියෙනවනම් Multiplayer Files ටික අයින් කරල දානව.. එතකොට එයාල Repack relese එකේ කියල තියෙනව Ripped/Removed එක යටතෙ Multiplayer කියල.. ඊට පස්සෙ INO වගේ Software එකකින් Interface එකක් හදනව Repack එකට.. මේ ක්‍රමයෙන් ගේම් එකක Original සයිස් එකෙන් 40% ක් -50% ක් වගේ අඩු කරගන්න පුලුවන්.. Repack Games වල අවුල් එන්න පුලුවන් හැකියාවක් තියෙනව් .. ඒත් ගේම් බාන අයට එහෙම ලේසියි ඩේට අඩුවෙන් වැයවන හින්දා .. ඒත් මේව Install වෙන්න නම් ටිකක් වෙලා යනව.. මේකෙ තව වාසියක් තමයි ගොඩක් වෙලාවට Latest Game Updates and DLC එක්ක තමා මේව එන්නෙ.. ඉස්සෙල්ල ඉදන්ම Repack කරන කස්ටියක් තමා BlackBox R.G Mechanic , ඊට පස්සෙ දැන් ගේමට බැහැල ඉන්නෙ FitGirl Repack .. එයාලගෙ Repack නම් නියමයි.. තව සුපිරි Repack දෙන කස්ටියක් තමා CorePack කියන්නෙ...
ඇත්තටම Repack Install වෙන්න වෙලා යනවනෙ.. හැබැයි ඒක ඔයාලගෙ PC එකේ perfomance මත වෙනස් වෙනව.. සාමාන්‍යෙන් Repack dual core processor එකක් තියෙන pc එකක install වෙන්න යන වෙලාව නෙමෙයි quad Core එකක යන්නෙ.. ඊට වඩා අඩු වෙනව.. ඒ වගේ ම HDD Speed එක මතත් ඒක වෙනස් වෙනව.. ඒවගේම RAM එක .. දැන් තියෙන Repack Install වෙන්න Ram එකෙන් 2GB Virtual memory එකක් ඕනෙ.. එතකොට ඔයාගෙ Ram එක 4GB නම් ඔයාට 2GB virtual memory එකක් දෙන්න පුලුවන්.. 8GB ram තියෙන අයට සාමාන්‍යෙන් 4GB වගේ virtual memory එකක් තියෙනව... ඒක හින්දා පොඩ්ඩක් වැඩිපුර Speed එකක් ගන්න පුලුවන්..
හම්මේ.. දැන් නම් පොස්ට් එක ෆට්ට දිගයි... මේ ඇති නේහ්... ඔන්න එහෙනම් අඩුපාඩු වැරදි තියෙනවනම් කියන්න කියල කියනව... ..
Comments
රි පැක් කරනකොට මචන් ලැන්වෙජ් ෆයිල් වගෙම විඩියෝ වල කොලිටි එකත් අඩු කරනවා නෙද 1080p එක 720p කරනවා නෙද ...
ReplyDeleteහා මචන් පුලුවන් නම් බ්ලොග් එකෙ තිම් එක වෙනස් කරපන් කියවකොට ආමරුයි.. ඩර්ක් බ්ලු එකයි වයිට් එකයි නිසා එ වගෙම ලයිට් බ්ලු ටෙක්ස්ට් නිසාත් කියනකොට ඩිස්ටර්බ් ...
ඔව් මචන් එහෙම Video quality එක අඩුකරනව . ඒත් හැම repack එහෙකම එහෙම කරන්නෙ නෑ.. ගොඩක් වෙලාවට Video , Audio , Texture quality තමයි අඩු කරන්නෙ.. එහෙම කලහම ගේම් එකේ quality එක නෑ.. අපි ගේම් එකක් ගන්න කොට පොඩ්ඩක් බලන්න ඕනෙ Reenecoded කරලද කියල..
DeleteBlog එකේ Colour එක කලු සහ අලු.. Text colour එක White කොල්ලො.. මම හැදුව . එක එක Device වලට එක එක ඒව වගේ..
Thanks bro..
This comment has been removed by the author.
ReplyDeletethanks mcn elama
ReplyDeletewelcome
DeleteFt
ReplyDeleteThanq machan hodma deyk Dana gththe
ReplyDelete