Processor ගැන (Multi Core And Hypertheading )

ඔන්න කාලෙකින් ආයෙ පොස්ට් එකක් ගෙන්න හිතුන.. කලින් පොස්ට් දැම්මෙ gaming pc ගැනනෙ... අද මම කියල දෙන්න යන්නෙ Processor එක ගැන පොඩි විස්තර ටිකක්...
මෙකෙ අඩුපාඩු වැරදි තිබුනොත් කමෙන්‍ටුවක් මගින් දන්වන්න කියලත් කියනව...

ප්‍රොසෙසර් එකනෙ pc  එකේ වැඩ ටික [ගණිත කර්ම] කරල දෙන්නෙ පොසානෙ.. ඉතින් මෙයා තමා pc එකේ මොලේ...

මුලින්ම ගමු  processor clock speed  එක ගැන.. සරලව කිව්වොත් මේකෙන් කියන්නෙ processor  එකට කොච්චර් වේගයකින් process කිරීමේ හැකියාවක් තියෙනවද කියල..
හැම processor  එකකටම තියෙනව cloack speed  එකක් ෆැක්ටරි එකෙන් එන..
ඔයාලට උදාහරනයක් විදිහට කිව්වොත් processor  එකක් තියෙනව ඒකෙ clock speed එක  2GHz  කියල . එතකොට මේ පොසාට තප්පරයකට ඩේට[ 0 සහ1] බිලියන දෙවතාවක් Process  කරන්න පුලුවන්..
  පොසා 32bit නම් bit 32 කක ඩේට මිලියන දෙවතාවක් එක තප්පරයකට process කරන්න පුලුවන්.. 

දැන් මේ මොකක්ද over clock  කරනව කියන්නෙ.. සරලව කිව්වොත් processor එකේ clock speed  වැඩි කරල කරගන්න පුලුවන් ගණිත කර්ම වැඩි කරගන්න එක..
මේක හැම processor  එකකටම කරන්න බැ ඒකට oc support කරන processor එකක් වගේම oc  කිරීමේ පහසුකම සපයන motherboard එකකුත් තියෙන්න ඕනෙ..
ඒවගේම අපි කැමති තරමක් clock speed  වැඩි කරගන්නත් බැ.. එකට support කරන උපරිම oc speed  එකක් තියෙනව.. තව oc  කරද්දි  processor  එකේ  voltage එක හරියට වැඩි කරන්නත් ඕනෙ..
හොද cooling system එකකුත් ඕනෙ . මොකද oc කරද්දි සාමාන්‍ය ප්‍රමානයට වඩා රත් වෙනව.. ඕව හරියට නොකෙරුවොත් කෙලිය තමා.... දැන් ගෝඩක් වෙලාවට auto oc  කරන්න පුලුවන් පහසුකම් තියෙන motherboard  තියෙනව...

තව දෙයක් තමා cache memory..  මේක  processor එකයි ram එකයි අතර අතරමැදියෙක් විදිහට ඉන්නෙ.. මෙයා processor එ කට අවශ්‍ය තොරතුරු ලගට ගෙනල්ල දීල  process  කිරීම වේගවත් කරල දෙනව..මේක processor එක ඇතුලෙ වගේම motherboard එකෙත් එනව.. cache memory එක 128kb වගේ ඉදන් 20MB වෙනකම් වගේ තියෙනවා ..

හරි එහෙනම් අවසාන වශයෙන් ගන්නව මාතෘකා 2ක්... එකට .. මොකද මේ දෙකම එකට යන්නෙ..

Hyper-Threading Technology and Multi Core cpu

මුල් කාලෙ ආපු processor ව්ල අන්තර්ගත වෙලා තිබුනෙ එක core එකයි.. core  එකකින් එක සැරයකට එක වැඩයි කරගන්න පුලුවන්..  ඉතින් වැඩ කීපයක් එක සැරයකට කරගන්න ඕනෙ හින්දා ඉස්සෙල්ල ආපු motherboard  එක්ක processor  කීපයක් සවි කරන්න උනා...
ඒක මහ කරදර වැඩක් වගේම වියදම් වැඩි හින්දා ගන්න power එක වැඩි හින්ද මේ multi core and hyper threading technology හදුන්වල දීල තියෙන්නෙ..  cores දෙකක් තියෙනකොට එක සැරේ {එක වෙලාවක} වැඩ දෙකක් කරගන්න පුලුවන් හැකියාව තියෙනව..
ඉතින් ඒවගේ cores ගාන වැඩි වෙනකොට කරගන්න පුලුවන් වැඩ ප්‍රමානය වැඩියි.. ඒ කියන්නෙ පොසාගෙ speed එක වැඩියි. මේ cores දෙක operating system එක දකින්නෙ cpu දෙකක් විදිහට.. එකයි එහෙම වෙන්නෙ..multi core තියෙනව කියන්නෙ processor එකේ speed එක වැඩියි..
හරි දැන් බලමු මේ hyper threading කියන්නෙ මොකක්ද කියල..
මේ Hyper Threading technology එක මුලින්ම හදුන්වල දුන්නෙ pentium 4 cpu එක්ක 2002 දි... මුලින්ම pentium 4 processor ආවෙ Single Core  විදිහට..  මේකෙ speed  වැඩිකරගන්න , එක වෙලාවක වැඩ කිහිපයක් කරගන්න hyper threading හදුන්වල දුන්නෙ .
Hyper threading technology  එකෙන් ඇත්තටම processor  එකේ නැති වැඩිපුර core  එකක් operating system එකට පෙන්නනව.. processor එකේ භෞතිකව තියෙන්නෙ core ඒකයි.. නමුත් hyper threading  වලින් Operating system එක දකිනව cores  දෙකක් තියෙනව කියල..
මේක virtual core  එකක් හදන එක තමා කරන්නෙ.. ඒ කියන්නෙ Hyper Threading technology එකෙන් Operating System එක රවට්ටනව..(OS එක පව් නේහ් ������)
දැන් හිතමු  i3 2100 3.1GHz processor  එකක් තියෙනව කියල ඕකෙ ඇත්තටම තියෙන්නෙ Core  දෙකයි(dual core cpu) නමුත් Hyper threading එකෙන් OS එකට පෙන්නනව Cores  4ක්..

ඉතින් OS එක වැඩ කීපයක් එක සැරේ පොසාට දීල ඉක්මනට වැඩ ටික කරගන්නව.. Hyper Threading ගේම්ස් වලට වැදගත් වෙන අවස්තා තියෙනව.. Rise Son OF Rome Game එක උදාහරනයකට ගමු.. ඕක හදල තියෙන්නෙ 4 Cores Cpu(quad core) වලට වැඩ කරන්න .. ඉතින් අපි ලග තියෙන්නෙ i3 dual core  එකක්....
හැබැයි Hyper Threading Technology  එක තියෙනව.. ඉතින් අපිට පුලුවන් ඒ ගේම් එක Play  කරන්න කිසි අවුලක් නැතුව...

i5 processor  එක core 4 යි.. හැබැයි ඒකට Hyper threading  තියෙනව නම්  8 Cores  os  එකට පෙන්නනව.. බලන්න ඔයාලගෙ cpu  එකත් අලුතෙන් ගත්ත එකක් නම් ඒකෙ box  එක තියෙනවනම් ගහල ඇති.. cors 2 , threads 4 යි වගේ...
ඔයාලට ඔයාගෙ processor එකත් hyper threading support  ද කියල බලන්න processor වර්ගෙ ගහල Google serch  පාරක් දාන්න...

processor ගැනනම් ගොඩක් දේවල් තියෙනව කියල දෙන්න.. ඒත් දැනටමත් ලිපිය ටිකක් දිගයි.. ඒක හින්දා අදට මෙච්චරයි... අඩුපාඩු වැරදි තියෙනවනම් කමෙන්ට් කර්ල දැනුවත් කරන්න...

Comments

Post a Comment