හදවත මියයාම ! Hard Disk වල S.M.A.R.T තාක්ෂණය

 
Hard Disk වල බාවිතාවන මේ S.M.A.R.T (Self - Monitoring ,Analysis , And Reporting Technology ) හරහා අපිට පුලුවන් අපේ පරිගණකයේ හදවත එහෙමත් නැත්නම් Hard Disk එක මියයනවා ද , ලෙඩ වෙලාද කියල බලාගන්න. ඒ කිව්වෙ HDD එක සවුත්තු වෙලාද , Bad sectors වැඩි වෙලාද , ඇති වෙලාද , අලුත් HDD එකකට Data Backup කරගන්න කාලෙ හරිද කියල දැනගන්න HDD එක සවුත්තු වෙන්න කලින්.
Hard Disk ජීවිතකාලයටම තියෙන්නෙ නෑ. ඒ වගෙම ඒක විනාශ වෙන විදිහ අපිට පේන්නෙත් නෑ.. ගොඩක් අය කරන්නෙ HDD එකේ ඩේටා තියාගෙන ඉදලා Hard Disk එක සවුත්තු උනහම අලුත් එකක් ගන්න. එතකොට ඩේට ටික ඉවරයි . ! වාසනාවට අලුත් Hard Disks වල තියෙනවා මේ S.M.A.R.T තාක්ෂණය . මේ තාක්ෂණය හරහා Hard Disk එක තමන්ගෙ තත්වය හොයාගන්නවා.. ඒ තත්වය බලාගන්න අපිට Windows එක්ක Tool එකක් නම් එන්නෙ නෑ.. අන්න එතනයි ප්‍රශ්නය .. ඒකට අපිට පුලුවන් Command Promt එක හරහා ඒ විස්තර බලාගන්න. ඒත් විස්තර හරි ආකාරයෙන් සුපිරියටම බලාගන්න අපිට third Party Software එකක් Use කරන්න වෙනවා.
Crystal Disk Info
මේ Tool එක භාවිතා කරල අපිට පුලුවන් S.M.A.R.T තාක්ෂණය හරහා Hard Disk එක ගබඩා කරගන්න තොරතුරු ඉතාමත් පහසුවෙන් දැනගන්න. ඒවගේම මේක මිලදී ගතයුතු Software එකක් නෙමේ.. අපිට Free දෙන Open Source Software එකක්. මේ Link එකෙන් Download කරගන්න. Portable ආකාරයට හරි Installer එක හරි.
Download Link 2 (with Portable)
http://crystalmark.info/download/index-e.html
Size : 3.78MB
ඒක Download කරගෙන Install කරගත්තට පස්සෙ Run කරහම ඔයාලට දකින්න පුලුවන්. අපිට පැහැදිලිවම S.M.A.R.T  තාක්ෂණයෙන් දෙන තොරතුරු ටික. ඔයාලට Hard Drives කීපයක්ම තියෙනවා නම් ඒ සියල්ලහිම විස්තර මේ Window එකේ Tab වශයෙන් දැක ගන්න පුලුවන්. 
Hard Disk එකේ හැමදෙයක්ම නිසි ආකාරයට සිද්ද වෙනවා නම් ඔයාලට බලන්න පුලුවන් Health Status එක යටතේ "Good" කියල තියෙනවා .. ඒවගේම HDD එකේ උෂ්ණත්වය ඊට යටින් දක්වලා තියෙනවා .
ඒවගේම Health Status එක යටතේ "Bad" කියල තියෙනවා නම් ඔයාලගෙ Hard disk එක මැරෙමින් පවතිනවා. නැත්තන් මැරිලා.
Health Status එක යටතේ "Caution" යන Massege එක නම් තියෙන්නෙ දැන් ඔන්න ඔයාලට Hard Disk එකේ තියෙන Data Backup කරගන්න කාලෙ හරි. මොකද ඒක ඉක්මනින්ම මරණයට ලගා වෙනවා.!
Health Status එක " Unknown " Massege එක නම් තියෙන්නෙ ඔයාගෙ Hard Disk එක S.M.A.R.T තාක්ෂණයට සහය දක්වන්නෙ නෑ(Not Supported)
Health Status එක සහ Temperature එකට එහාපැත්තෙන් අපිට Hard Disk එකහි Details බලාගන්න පහසුකම් තියෙනවා .
Firemware - මේකෙන් අපේ Hard Disk එකෙහි ඇති firemware විස්තර පෙන්වනවා.
Transfer Mode - මේකෙන් Hard Disk එක Motherboard එකත් සමග Data හුවමාරු කරගන්න වේගය සදහන් කරල තියෙනවා . මේකෙදි ඔයාට 6Gbps වේගයකින් Data හුවමාරු කරගන්න පුලුවන් Hard Disk තිබිලා 3Gbps වේගයකින් Data හුවමාරු කරගන්න පුලුවන් Motherboard එකක් නම් තියෙන්නෙ SATA / 600 වගේම SATA / 300 ත් පෙන්නුම් කරයි. ඒවගේම තමා ඒකෙ අනිත් පැත්තත්.
Features - මේකෙන් අපිට බලාගන්න පුලුවන් අපේ Hard Disk එකට Support කරන තාක්ෂණ වර්ග. බලන්න ඒක යටතේත් S.M.A.R.T එක තියෙනවා
Rotation Rate - මෙතන පෙන්නුම් කරන්නෙ අපේ Hard Disk එකේ Platter එක කැරකැවෙන වේගය. දැන් වෙළෙඳ පලේ තියෙන Hard Disk  අනිවාර්යයෙන් 7200rpm වල තමා තියෙන්නෙ . මේකෙන් කියවෙන්නෙ Platter එක වට 7200ක් විනාඩියකදි කැරකැවෙන්න පුලුවන් කියල.
Power On Count - මේකෙන් බලාගන්න පුලුවන් අපි කොච්චර වාරගණනක් Disk එක On කරල තියෙනවා ද කියලා.
Power On Hours -  මෙතන විස්තර වලින් අපිට බලාගන්න පුලුවන් කොච්චර වෙලාවක් දැනට අපි Hard Disk එක On කරල තියෙනව ද කියලා . මේක තියෙන්නෙ පැය වලින්.
ඔයාල මේ Software එක භාවිතා කරල අනිවාර්යයෙන් මාසෙකට තුන් හතර සැරයක්වත් Disk එක ගැන හොයල බලන්න අමතක කරන්න එපා.
Command Prompt එක හරහා S.M.A.R.T විස්තර බලාගන්න
Cmd එක Open කරගෙන මේ Code එක ගහල Enter කරන්න.
wmic diskdrive get status
දැන් ඔයාලට Hard Disk එක ගැන කලින් වගේම විස්තර බලාගන්න පුලුවන් .
Ok - අවුලක් නැ
Bad - අවුල්
Caution - සැලකිලිමත් වියයුතුය
unknown - S.M.A.R.T සහයදක්වන්නේ නෑ.නැත්තන් Disk එක S.M.A.R.T  තාක්ෂණය අවුල් වෙලා. (Damaged )
Hard Drive එක මැරෙන්න යනවානම්
S.M.A.R.T තාක්ෂණය හරහා ඔයාගෙ HDD එක මැරෙන්න යනවා කියල කිව්ව නම් ඒකට බයවෙන්න එපා. ඒකෙන් කියවෙන්නෙ නෑ Hard Disk එක එකපාරට මැරෙනවා කියල. එතන S.M.A.R.T තාක්ෂණය තුල ප්‍රශ්නයක් වෙන්නත් පුලුවන්. හරිම Information නොවෙන්න පුලුවන් . හැබැයි කෝකටත් කියලා උවමනා කරන Data Backup කරල තියාගන්න. සමහරවිට Hard Disk එක තව පොඩ්ඩකින් - විනාඩියකින් - පැයකින් - සමහරවිට අවුරුද්දකින් මැරෙන්න පුලුවන් . ඒ නිසා අවදානමක් තියෙනවා නම් Data Backup කරන එක නුවනට හුරුයි.
ඒවගේම S.M.A.R.T එකෙන් Warnings මුකුත්ම නැතුව Hard Disk එක විනාශ වෙන්න පුලුවන්.
Post එකෙන් මොනවහරි ඉගෙන ගත්තනම් කමෙන්ට් එකක් දාන්න. දිරිමත් කරන්න තව මේවගේ පොස්ට් ගේන්න. තව කෙනෙක්ට බලන්න Share කරන්න. ඒවගේම G+ Account එකක් තියෙනවා නම් Follow කරන්න. එහෙනම් තවත් Post එකකින් මුනගැහෙමු.

Comments

  1. මගේ ලැප් එකේ හාර්ඩ් එකට කෙල උනා බන්. කෙල වෙනකන් දැනන් හිටියෙ නෑ. කලින් මේ පෝස්ට් එක දැක්කනම් ශික්. ��
    දන්නවනම් කියපන්කො කෙල වෙච්ච හාර්ඩ් එකක තියන ඩේට ටික ගන්න ක්‍රමයක් නැද්ද කියල. ගොඩක් වැදගත් ඒ ටික මට. ගන්න ක්‍රමයක් හරි ඩේට බැකප් කරන තැනක් හරි කියපන්කෝ

    ReplyDelete
    Replies
    1. Hard disk එක lap එකට ගන්නවද. Lap එකට ගන්නවනම් recovery software දාල try එකක් දියන් bro. Handy recovery එක හොද recovery software එකක්.

      Delete
  2. මගේ ලැප් එකේ හාර්ඩ් එකට කෙල උනා බන්. කෙල වෙනකන් දැනන් හිටියෙ නෑ. කලින් මේ පෝස්ට් එක දැක්කනම් ශික්. ��
    දන්නවනම් කියපන්කො කෙල වෙච්ච හාර්ඩ් එකක තියන ඩේට ටික ගන්න ක්‍රමයක් නැද්ද කියල. ගොඩක් වැදගත් ඒ ටික මට. ගන්න ක්‍රමයක් හරි ඩේට බැකප් කරන තැනක් හරි කියපන්කෝ

    ReplyDelete

Post a Comment